Monday, April 30, 2012

හැදින්වීම.

මුලින්ම කීමට ඇත්තේ දේශපාලනය මූලික කරගත් බ්ලොග් අඩවියක පළමු ලිපිය ඔබ කියවමින් සිටින බවයි.

ශ්‍රී ලංකාව මේ වනවිට ගමන් කරමින් සිටින දිශාව පිළිබද සැක කිරීම හෝ තර්ක කිරීම මේ අවස්ථාවේදී අනවශ්‍ය යයි සිතමි. රාජපක්ෂ රෙජීමයේ සුලගට හසුවුනු ශ්‍රී ලංකා කාරයන්ද, රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාසගේ කුළල් කා ගැනීම් මැද අසරණ වී සිටින යූ.ඇන්.පී කාරයන්ද යනඑන මං නැතිව සිටින අනෙකුත් පාක්ෂිකයන්ද රැගෙන එය ගමන් කරන්නේ විනාශය දෙසටය. අනෙක් අතට ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආදිය සැලකියයුතු මට්ටමින් කප්පාදු කරදමා ඇති තත්වයක් තුල සාකච්ඡා කිරීමට ඇති එකම මාධ්‍ය බ්ලොග් පමණක්මය. සාධාරණය වෙනුවෙන් කතාකිරීම, ක්‍රියාකිරීම දේශද්‍රෝහීන් වන මෙකල මාද ඒ නමින් ඇමතුවාට වරදක් නැතැයි සිතමි.

 එසේනම් අපි කතා කරමු. කතා කලහැකි උපරිමය කතා කරමු! අපගේ ලිපිනය: drohiya@yahoo.com වේ.